22.4 C
Sri Lanka
Thursday, December 12, 2024

කොරියන් E8-වීසා ගැටළුවට ඇමැති විජිත මැදිහත් වෙයි

E8 වීසා ලබා දීමේ වැඩසටහනේ දී අනුමත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් එම රැකියා බලාපොරොත්තුවෙන් සිටින රැකියා අපේක්ෂකයන් අපහසුතාවයට පත්වීම පිළිබඳ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ අවධානය යොමුවෙයි.

අද(20) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයට පැමිණි අමාත්‍යවරයා, කාර්යාංශයේ ඉහළ නිලධාරීන් හා අදාල රැකියා අපේක්ෂකයන් පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වී ඇත.

දකුණු කොරියාවේ E8 වීසා ක්‍රමය යටතේ ශ්‍රමිකයන් යොමු කිරීම පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරමින් ඊට අදාළ නීතිමය තත්ත්වය සොයා බලා ඉදිරියේ දී අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යවරයා එහිදී තීරණය කර තිබේ .

මෙම විශේෂ සාකච්ඡාවට කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ‚ සාමාන්‍යාධිකාරි D.D.P. සේනානායක ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles