20 C
Sri Lanka
Tuesday, December 3, 2024

ජුලම්පිටියේ අමරේගේ අභියාචනය ප්‍රතික්ෂේප කර මරණීය දඬුවම තහවුරු කරයි

ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය තහවුරු කර තිබේ.

2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩාවැදී  පුද්ගලයන් දෙදෙනකු වෙඩිතබා මරාදමා තවත් අයකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට තංගල්ල මහාධිකරණය මගින් මරණ දණ්ඩණය නියම කර තිබුණු අතර, වරදකරු කළ තැනැත්තා විසින් එම තීන්දුව අභියෝගයට ලක්කරමින් අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.

ජුලම්පිටියේ අමරේ නමැත්තා රාජපක්ෂ පවුල සමග සෘජු සබඳතා පැවැත්වූ බවට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක රාජපක්ෂවරු බලයේ සිටි සමයේ මාධ්‍ය මගින් දිගින් දිගටම සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් අදාළ අභියාචනය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල සිය තීන්දුවෙන් ප්‍රකාශ කර තිබුණේ මහාධිකරණ විනිසුරුවරයා විසින් නිකුත් කරන ලද මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදු කිරීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවයි. ඒ අනුව විත්තිකරුට පනවා තිබෙන මරණීය දණ්ඩනය තහවුරු කරන බව අභියාචනාධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

විනිසුරු පී. කුමාරන් රත්නම්ගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් විසින් අද (නොවැම්බර් 20) දිනයේ දී තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

(ජනක බලල්ල)

More news>>>

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත පත්වෙයි

නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජන බල සංධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කර තිබේ.

වට්ස්ඇප් | ෆේස්බුක් | ටික්ටොක් ගිණුම් හරහා මිතුරකු මුදල් ඉල්ලුවොත් පරිස්සමින් – Scam Alert !

පුද්ගලයන්ගේ වට්ස්ඇප් ගිණුම් Hack කර ව්‍යාජ පණිවිඩ ඔස්සේ මුදල් ඉල්ලන ජාවාරමක් මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන බැවින් එවැනි වංචාකරුවන්ට...

අයිස් කිලෝ 400ක් සමග බහුදින යාත්‍රා 2ක් ගැඹුරු මුහුදෙන් කොටුවෙයි

මුහුදු මගින් ප්‍රවාහනය කරමින් සිටි අයිස් හෙවත් ක්‍රිෂ්ටල් මෙත් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් සහ සැකකරුවන් 11ක් රැගත් මෙරට බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදාව...

Latest Articles

ජනාධිපති මන්ත්‍රී වරප්‍රසාද ගැන බලන්න පත්කළ කමිටු වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ මූලිකත්වයෙන් පත්කළ කමිටුවේ...

නව අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම්...