මහ කන්නයේ පොහොර සහනාධාරයේ දෙවැනි අදියර සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1221ක් ඉල්ලා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව පොහොර සහනාධාරයේ ගෙවීම් මේ වනවිට දිස්ත්‍රික්ක 23ක ආරම්භ කර ඇති බව එහි කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ ප්‍රකාශ කළ අතර ඒ, ඒ දිස්ත්‍රික්කවල වගා කටයුතු ආරම්භ වන ආකාරය අනුව ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
(සදරුවන් ප්‍රනාන්දු)