මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පොලීසිය විසින් අත්අඩංගුවට ගනුලැබ තිබේ.
පසුගිය 11 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී පොලීසිය සමග ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන හරීන් ප්‍රනාන්දුට බදුල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි.
ඒ අනුව ඔහු අද උදෑසන පොලීසිය හමුවට පැමිණීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
(සදරුවන් ප්‍රනාන්දු)