ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පැලවත්තේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයට අද අද (20) පෙරවරුවේ කැඳවා තිබේ.
මෙවර මහ මැතිවරණයෙන් එම පක්ෂයෙන් අපේක්ෂකයන් 141ක් සහ ජාතික ලැයිස්තුවෙන් 18 දෙනෙක් පාර්ලිඋමේන්තුවට යෑමට වරම් ලැබූ අතර පක්ෂ මූලස්ථානයේ දී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එම මන්ත්රීවරුන්ව දැනුවත් කර පසුව පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් ලබා දීමට ඔවුන්ව පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන යෑමට නියමිත ය.
(සදරුවන් ප්‍රනාන්දු)