පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට දුන් කාලය අවසන් වී තිබේ.
ඒ අනුව ලියාපදිංචි වීමට දුන් කාලසීමාව තුළ සිසුන් 40000ක් පමණ ලියාපදිංචි වී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේය.
මේ අතර වෛද්‍ය පීඨ සියල්ලට හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සිසුන් බඳවා ගැනීමට ඉදිරි පියවර ගැනීමට ලියාපදිංචි ලේඛන යොමු කළ බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
මෙවර විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන් සංඛ්‍යාව 43000කට අධික වන අතර එම කොමිසම ප්‍රකාශ කළේ ඒ අතුරින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලියාපදිංචි නොවූ සිසුන්ට වෙනත් සිසුන් කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා බවයි.
(සදරුවන් ප්‍රනාන්දු)