20.1 C
Sri Lanka
Friday, March 21, 2025

අද(20) දිනය තුළ නිල නිවාස භාර දෙන්නැයි දැනුම්දීමක්

හිටපු මන්ත්‍රීවරුන්ගෙන් නිල නිවාස මෙතෙක් භාර දී ඇත්තේ 35ක් පමණක් බව පාර්ලිමේන්තුව පවසයි.

ඒ අනුව අද(20) දිනය තුළ නිල නිවාස භාර දෙන්නැයි ඔවුන්ට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර සඳහන් කළේය.

මහ ලේකම්වරිය සඳහන් කළේ, 10 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සඳහා නිල නිවාස ලබා දීම ලබන මස 03 වැනි දායින් පසු සිදු කරන අතර නිල නිවාසවල ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එම පියවර ගත් බව ද ඇය පැවසුවාය.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles