17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

3වැනි එක්දින තරගය වැස්ස නිසා අතහැර දමයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන් වැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දැමීමට අද(19) සිදුවිය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (17) සවස 2.30 ට ආරම්භ වුණු නමුත්, දිගින් දිගටම පැවැති වර්ෂාව නිසා තරග තීරකයන් තීරණය කළේ තරගය අතහැර දැමීමට ය.

තරගය නතර කරන විට  විල්යංග් ලකුණු 56ක් සහ හෙන්රි නිකල්ස් ලකුණු 46ක් ලබා නොදැවි පන්දුවට පහරදෙමින් සිටි අතර,  ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 21ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 112කි.

කෙසේ වෙතත් දෙරට අතර පැවති එක්දින තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles