23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

මලල ක්‍රීඩා වාර්තා පොත් අලුත් කළ ගම්පොල තරුෂි

වසර 39ක් පැරණි සමස්ත ලංකා අවුරුදු 20න් පහළ (කනිෂ්ඨ) මලල ක්‍රීඩා වාර්තාවක් අද (19) බිඳ දැමීමට  ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකාට හැකි විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 1500 ඉසව්ව විනාඩි 4:29.99.කින් අවසන් කරමින් ඇය මෙම නව වාර්තාව තබා ඇත.

වයස අවුරුදු 20න් පහළ මෙම වාර්තාව තැබූ තරුෂි අශිෂේකාගේ වයස අවුරුදු 16ක් වීම ද විශේෂත්වයකි.

තරුෂි අභිෂේකා විසින් අද මෙලෙස බිඳ දමනු ලැබ ඇත්තේ 1985 වසරේ දී ධම්මිකා මැණිකේ විසින් 4:35.7කින් අවසන් කර පිහිටුවා තිබූ කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාව ය.

ඇය ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකි.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles