20 C
Sri Lanka
Tuesday, December 3, 2024

ගෑස් සිලින්ඩරේ පුපුරයි – රවීගේ නිවසට ආරක්ෂාව

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව සීමිත වන අතර එම මන්ත්‍රී ධුර නියෝජනය කිරීමට විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙන් ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා ඔඩුදුවා තිබේ.

ජාතික ලැයිස්තුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් සහ සමගි ජන බලවේගයට ආසන 5ක් හිමිවූ අතර

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මහා මැතිවරණයේදී ලැබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර (බෝනස්) දෙකෙන් එකක් සඳහා ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටි රවි කරුණානායක පත්කර ඇති අතර එම පක්ෂයේ මහ ලේකම් ශර්මිලා පෙරේරා විසින් මෙම නම් කිරීම සිදුකර මැතිවරණ කොමිසමට යැවීමට පියවර ගෙන තිබේ.

ඊයේ දිනයේදී එම අර්බුදය උත්සන්න වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම පක්ෂයේ මහ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව යොමු කිරීමත් සමගයි.

එහෙත් ඔහුගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා යොමුකර ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂවල සහ තමාගේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයකට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී තිබුණි.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ශ්වකරුවන් අද කොළඹදී රැස්වී රවී කරුණානායක මහතා නම් කර යැවීම ඇතුළු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

එවන් පසුබිමක මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රාත්‍රියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස රවී කරුණානායක මහතාගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මේ අතර, රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවස අසළට අද පෙරවරුවේ ආරක්ෂාව යොදවා තිබෙන අයුරු දැකගත හැකිවුණි.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත පත්වෙයි

නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජන බල සංධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කර තිබේ.

වට්ස්ඇප් | ෆේස්බුක් | ටික්ටොක් ගිණුම් හරහා මිතුරකු මුදල් ඉල්ලුවොත් පරිස්සමින් – Scam Alert !

පුද්ගලයන්ගේ වට්ස්ඇප් ගිණුම් Hack කර ව්‍යාජ පණිවිඩ ඔස්සේ මුදල් ඉල්ලන ජාවාරමක් මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන බැවින් එවැනි වංචාකරුවන්ට...

අයිස් කිලෝ 400ක් සමග බහුදින යාත්‍රා 2ක් ගැඹුරු මුහුදෙන් කොටුවෙයි

මුහුදු මගින් ප්‍රවාහනය කරමින් සිටි අයිස් හෙවත් ක්‍රිෂ්ටල් මෙත් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් සහ සැකකරුවන් 11ක් රැගත් මෙරට බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදාව...

Latest Articles

ජනාධිපති මන්ත්‍රී වරප්‍රසාද ගැන බලන්න පත්කළ කමිටු වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ මූලිකත්වයෙන් පත්කළ කමිටුවේ...

නව අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම්...