20.1 C
Sri Lanka
Friday, March 21, 2025

අලුත් අමාත්‍යාශවලට පත්කළ ලේකම්වරු මෙන්න…

නව රජයේ අමාත්‍යංශ සඳහා ලේකම්වරු පත් කිරීම අද(19) සිදුවිය.

ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් හැර අමාත්‍යාංශ 16ක් සඳහා ලේකම්වරු පත්කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුවිය.

අග්‍රාමාත්‍ය ලේකම් නැවත වරක් ලෙස ජී.පී සපුතන්ත්‍රී පත් කෙරුණු අතර, අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ජේ ප්‍රනාන්දු පත්කර ඇත.

එම පත්වීම් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (19) සිදු විය.

මෙලේස අමාත්‍යාංශ 16 සඳහා පත්කර ඇති ලේකම්වරු මෙසේය.

03. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
04. කේ.එම්.එම් සිරිවර්ධන – මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
05. ජේ.එම් තිලකා ජයසුන්දර – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
06. ඒ.එම්.පී.එම්.බී අතපත්තු – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
07. බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
08. එච්.එස්.එස් තුයියකොන්තා – ආරක්ෂක අමාත්‍යාංශය
09. ඩී.ඩබ්ලිව්. ආර්. බී සෙනෙවිරත්න – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
10. යූ.ජී. රංජිත් ආරියරත්න – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
11. මහාචාර්ය කේ.ටී.එම් උදයංග හේමපාල – බලශක්ති අමාත්‍යාංශය
12. එස්. ආලෝක බණ්ඩාර – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
13. එස්.එම්. පියතිස්ස – කම්කරු අමාත්‍යාංශය
14. ඒ. විමලේන්තිරරාජා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
15. ඩී.පී. වික්‍රමසිංහ – කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශය
16. කේ.එම්.ජී.ඒස්.එන් කලුවැව – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
17. ඒ.එච්.එම්.යූ අරුණ බණ්ඩාර – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
18. අරුණි රණරාජා – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

(ජනක බලල්ල)

More news>>>

Latest Articles