23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි – ලොහාන් සහ බිරිඳ යළිත් බන්ධනාගාරයට

නීති විරෝධී ලෙස එකලස් කළ අති සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ වන ශෂි ප්‍රභා ගුණවර්ධන ලබන 22 වැනි දින දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් රුවනි ජයවර්ධන මහත්මිය ඊයේ (18) නියෝග කළාය.

එම වාහනය වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා රේගුවට භාරදී ඇති බවත් සැකකරුවන් දෙදෙනාට එරෙහිව මෝටර් රථ ප්‍රවාහන පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වැඩිදුර විමර්ශන සිදු කරනා බවත් පෙන්වා දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය කළාය.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles