20.2 C
Sri Lanka
Friday, March 21, 2025

නව රජයේ කැබිනට් මණ්ඩලය මෙන්න…

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවූරුම් දීම අද (18) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ සිදුවිය.

වත්මන් රජයේ කැබිනට් මණ්ඩලය ඇමැති ධුර 21කින් සමන්විත අතර, ඒ අතරට පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු බහුතරයක් සිටීම විශේෂත්වයකි.

අමාත්‍ය මණ්ඩලයට මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු 15ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 6ක් ඇතුළත්ව ඇත.

ඒ අනුව පළමුවෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුනි.

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.

01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය

02. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය

03. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

04. නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය

05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය

06. කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය 

07. අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය

08. රාමලිංගම් චන්ද්‍රසේකරන් – ධීවර, ඡලජ සහ සාගර සම්පත් අමාත්‍ය

09. මහාචාර්ය උපාලි පන්නලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය

10. සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය

11. ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

12. බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය

13. මහාචාර්ය සුනිල් සෙනෙවි – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

14. වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය

15. සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය

16 සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය

17. වසන්ත සමරසිංහ – වෙළෙ ඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය

18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

19. මහාචාරය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය

20. ඉන්ජිනේරු කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය

21 .වෛද්‍ය දම්මික පටබැඳි – පරිසර අමාත්‍ය

More news>>>

Latest Articles