20.2 C
Sri Lanka
Friday, March 21, 2025

රවීගේ නම යැවීම කිසිදු අනුමැතියකින් තොරව කළ වැඩක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ වල කිසිදු අනුමැතියකින් තොරව අත්නෝමතික ආකාරයකට බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පෙරමුණේ සියලු පක්ෂ හෙට (19) පෙරවරුවේ කොළඹ දී රැස්වී තීරණයක් ගැනීමට නියමිත බව සදහන්.

එම තීරණය ගැනීමට පෙර පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව ක්‍රියා කර තිබෙන බව හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles