23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

වසර 12කට පසු නවසීලන්ත කණ්ඩායම පරදා එක්දින තරගාවලියක ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 45 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 209 ක් ලබා ගෙන තිබිණි.

පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Mark Chapman ලකුණු 76 ක් හා Mitchell Hay ලකුණු 49 ක් ලෙස ලබා ගෙන තිබිණි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජෙෆ්රි වෙන්ඩසේ කඩුලු 3 ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් හා මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් විය.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 ක් තුළ කඩුලු 7 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය. පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 28 ක්, ජනිත් ලියනගේ ලකුණු 22 ක් හා නොදැවී පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 74 ක් හා මහීෂ් තීක්ෂණ ලකුණු 27 ලබා ගත්හ.

ඒ අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබිය දී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

(අශිනි සංජනා)

More news>>>

Latest Articles