20.2 C
Sri Lanka
Friday, March 21, 2025

 අද සිට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිය ඇරඹේ 

10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අදාළ දිනවල පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීමෙන්ද ඒ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර පැවසුවාය.

මේ අතර ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණ කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස අදාළ පක්ෂ වෙත දැනුම්දීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles