19.4 C
Sri Lanka
Tuesday, December 3, 2024

මැතිවරණ වාර්තා පොත් අළුත් කළ මාලිමාව තැබූ වාර්තා මෙන්න

පසුගිය 14 වැනි දා පැවැති 2024 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය විසින් ඓතිහාසික ජයග්‍රහණයක් ලද අතර, එහි දී ඔවුන් හට මෙරට මැතිවරණ ඉතිහාසයේ පැවැති බොහෝ වාර්තා රැසක් බිඳ දැමීමට හා නව වාර්තා ඉතිහාසයට එක්කිරීමට සමත් විය.

එම වාර්තා කිහිපයක් මෙසේ ය.
මෙරට ඉතිහාසයේ මහ මැතිවරණයකදි දේශපාලන පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන 6,863,186ක් ලබාගැනීමට ජාතික ජන බලවේගයට සමත් විය. මීට පෙර එම වාර්තාව ඡන්ද 6,853,690ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 දී තබා තිබිණි.

මහ මැතිවරණයකදී ඉතිහාසයේ පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයද හිමිවන්නේ මෙවර ජාතික ජන බලවේගය වෙතය. එය 61.56%කි. මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 60.33%ක් වු වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කර තිබිණි.

මහ මැතිවරණයක වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ජයග්‍රහණය කිරීමෙන් තැබූ පැරැණි වාර්තාව බිඳ දැමීමට ද ජාතික ජන බලවේගයට හැකි විය. ඒ මඩකලපුව දිස්ත්‍රික්කය හැර සෙසු මැතිවරණ දිස්ත්‍රික්ක 21ම ජයග්‍රහණය කරමිනි. මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක් දිනාගනිමින් තැබු වාර්තාව එලෙස බිඳ වැටී ඇත.

මහ මැතිවරණයක දී එක් පක්ෂයක් ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාස ගණන ලෙස ඡන්ද කොට්ඨාස 152ක් ජය ගනිමින් නව වාර්ථාවක් තැබීය. මීට පෙර 2010 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාස 136ක් හිමි කරගෙන තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 මහ මැතිවරණයේ දී ආසන 128ක් දිනා ගනිමින් පිහිටුවා තිබු වාර්තාව ද බිඳ දමමින් ජාතික ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණන වන ආසන 141ක් දිනා ගැනීමට මෙවර තවත් වාර්තාවක් තැබීය.

ලබා ගත් ඡන්ද ප්‍රතිශතය මත හිමිවන ජාතික ලැයිස්තු ආසන මෙවර ජාතික ජන බලවේගයට 18කි. මහ මැතිවරණයකදි වැඩිම ජාතික ලැයිස්තු ආසන ගණනක් හිමි කරගත් පක්ෂය බවටද ජාතික ජන බලවේගය තවත් වාර්තාවක් තැබීය. එම වාර්තාව මීට පෙර 2020 මහ මැතිවරේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගනු ලැබූ ජාතික ලැයිස්තු ආසන 17 කින් ඔහුන් සතු කරගන්නට සමත් ව සිටියේ ය.

මහමැතිවරණයක දී හිමිකරගත් වැඩිම ආසන ගණන ලබාගැනීමට ජාතික ජන බලවේගයට මෙම මැතිවරණයෙන් සමත් විය  ඒ ආසන 159ක් දිනා ගනිමිනි.  මීට පෙර වර්ෂ 2020 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබුණේ ආසන 145කි.

සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් තනි පක්ෂයකට හිමි කර ගැනීමෙන් නව වාර්තාවක් තැබීම ට ජාතික ජන බලවේගය ට හැකිවිය. එමෙන්ම තනි පක්ෂයක් ලෙස මුළු රටේම මැතිවරණ දිස්ත්‍රික්ක 22න්ම මන්ත්‍රීවරු ධුර දිනා ගත් ආණ්ඩුව ලෙසද ජාතික ජන බලවේගය ඉතිහාස ගත වේ.

වර්ෂ 2020 දී පැවැති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් හිමිවුණත්, උතුර නැගෙනහිර සහ වතු කම්කරු ජනතාව අතර ජයග්‍රහණය හිමිවූයේ නැත.

(ජනක බලල්ල)

More news>>>

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත පත්වෙයි

නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජන බල සංධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කර තිබේ.

වට්ස්ඇප් | ෆේස්බුක් | ටික්ටොක් ගිණුම් හරහා මිතුරකු මුදල් ඉල්ලුවොත් පරිස්සමින් – Scam Alert !

පුද්ගලයන්ගේ වට්ස්ඇප් ගිණුම් Hack කර ව්‍යාජ පණිවිඩ ඔස්සේ මුදල් ඉල්ලන ජාවාරමක් මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන බැවින් එවැනි වංචාකරුවන්ට...

අයිස් කිලෝ 400ක් සමග බහුදින යාත්‍රා 2ක් ගැඹුරු මුහුදෙන් කොටුවෙයි

මුහුදු මගින් ප්‍රවාහනය කරමින් සිටි අයිස් හෙවත් ක්‍රිෂ්ටල් මෙත් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් සහ සැකකරුවන් 11ක් රැගත් මෙරට බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදාව...

Latest Articles

ජනාධිපති මන්ත්‍රී වරප්‍රසාද ගැන බලන්න පත්කළ කමිටු වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ මූලිකත්වයෙන් පත්කළ කමිටුවේ...

නව අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම්...