20.2 C
Sri Lanka
Friday, March 21, 2025

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට (18) සිදු කිරීමට නියමිතව ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හෙට උදෑසන 10.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සූදානම් කර ඇති බව ය.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 25කට අඩු අගයකින් සැදුම්ලත් එකක් වන බවට ජනාධිපතිවරයා මීට ඉහත දී ප්‍රකාශ කළ අතර, නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන ද 25 දෙනෙකුට මදක් වැඩිවනු ඇතැයි පවසා තිබිණ.

ජාතික ජන බලවේගය යටතේ 10වැනි පාර්ලිමේන්තුව ලබන 21දා රැස්වීමට නියමිත ය.

දේශපාලන ආරංචි සඳහන් කරන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ කථා නායක ලෙස බිමල් රත්නායක පත්කිරීමට නියමිත බව ය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles