22.4 C
Sri Lanka
Thursday, December 12, 2024

IMF නියෝජිතයින් පිරිසක් අද (17) දිවයිනට

අද (17) දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඔවුන් 23 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සඳහා මෙම සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම සිදුකිරීමට නියමිතය.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles