20.2 C
Sri Lanka
Friday, March 21, 2025

උසස් පෙළ විභාගයේ සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට ජංගම දුරකතන තහනම්

සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ශාලාවලට ජංගම දුරකතන රැගෙන යාම තහනම් කර තිබේ.

දුරකතන රැගෙන යාමට අවසර හිමිවන්නේ, විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිට හා අතිරේක අධීක්ෂණ ශාලාධිපතිට පමණි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය කාලයේ උද්ගත වූ ගැටලු හේතුවෙන් එම තීරණය ගත් බවයි.

මේ අතර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ, අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර එම උපදෙස් පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles