22.7 C
Sri Lanka
Thursday, December 12, 2024

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම නොවැ.21 ජනපති අනුර අතින් පාර්ලිමේන්තුවේ දී

නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම, නොවැම්බර් 21 වන දින සවස 3.00ට, 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකරනු ලැබීමට නියමිත බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

තවද, ජනාධිපතිවරයාට හිමිව ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමට සහ පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන හෙබවීමට නියමිත ය.

නව ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශයක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙහි දී පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කිරීමට නියමිත ඇත.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles