23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය සහිත පාර්ලිමේන්තුව 21දා රැස් වෙයි

ලබන 21 වැනි දා ආරම්භ වන 10 වැනි පාර්ලිමේන්තුව ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව ලෙස ඉතිහාස ගතවෙයි.

ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු 29 දෙනෙකු පාර්ලිමේන්තුවට පත්කිරීමට නියමිතව ඇතත් මහජන ඡන්ද‍න් දැනට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් අතරින් කාන්තාවන් 21 දෙනෙකු පාර්ලිමේන්තුව සඳහා තේරී පත්ව සිටින අතර, ඉන් 19 දෙනෙකුම ජාතික ජන බලවේගයෙන් පත් වී සිටීම ද විශේෂත්වයකි. සෙසු මන්ත්‍රීවරියන් සමගි ජන සන්ධානයෙන් තේරී පත්ව ඇත.

ජාතික ජන බලවේගය

01. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය – කොළඹ
02. සමන්මලී ගුණසිංහ – කොළඹ
03. කෞෂල්‍යා ආරියරත්න – කොළඹ
04. අම්බිගා සැමුවෙල් – බදුල්ල
05. නිලන්ති කොට්ටහච්චි – කළුතර
06. ඔෂානි උමංගා – කළුතර
07. සරෝජා පෝල්රාජ් – මාතර
08. නිලූෂා ගමගේ – රත්නපුර
09. සාගරිකා ආතාවුද – කෑගල්ල
10. හිරුණි විජේසිංහ – පුත්තලම
11. චතුරි ගංගානි – මොණරාගල
12. තුෂාරි ජයසිංහ – මහනුවර
13. හසාරා ලියනගේ – ගාල්ල
14. දීප්ති වාසලගේ – මාතලේ
15. හේමාලි වීරසේකර – ගම්පහ
16. ගීතා හේරත් – කුරුණෑගල
17. ක්‍රිෂ්ණන් කලෙච්වි – නුවරඑළිය
18. අනුෂිකා තිලකරත්න – නුවරඑළිය
19. මුතුමැණිකේ රත්වත්තේ – දිගාමඩුල්ල

සමගි ජන සන්ධානය

20. චමින්ද්‍රාණි කිරිඇල්ල – මහනුවර
21. රෝහිනි විජේරත්න – මාතලේ

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles