ඩොනල්ඩ් ට්රම්ප් එක්සත් ජනපද ජනාධිපති ලෙස වැඩ භාර ගැනීමත් සමග යුක්රේන – රුසියා යුද්ධය ද ඉක්මන් අවසන් වනු ඇති බව යුක්රේන ජනාධිපති Volodymyr Zelensky පවසයි.
එරට ගුවන්විදුලි නාලිකාවක් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇති අතර, මේ වනවිට රුසියාවේ මිනිස් හා අවි බලය හමුවේ යුධ පිටිය දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත.
ඔහු මෙහි දී පවසා ඇත්තේ ධවල මන්දිරයට නායකත්වය දෙන ට්රම්ප්ගේ පරිපාලනය හා ප්රතිපත්තිය සමඟ යුද්ධය වේගයෙන් අවසන් වනු ඇති බව ය.
කෙසේ වෙතත් ඔහු අවධාරණය කර ඇත්තේ ලබන වසරේ යුද්ධය මෙම අවසන් වන බව සහතික කිරීම පිළිබඳ රාජතාන්ත්රික මැදිහත්වීම ඉදිරියේ දී ඇතිවනු ඇති බවයි.
චම්ලි මධුහංස