මැතිවරණ මැතිවරණ සමයේ ද, සාමකාමීව කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
තෝරා ගත් පොලිස් බල ප්‍රදේශවල තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය.
මේ අතර මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් දින දෙකක් තුළ පුද්ගලයින් 581 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපේක්ෂකයින් 18 දෙනෙකු ද, ඒ අතර වන බවත් වාහන 147ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
(සදරුවන් ප්‍රනාන්දු)