22.4 C
Sri Lanka
Thursday, December 12, 2024

ශ්‍රී ලංකාවේ වැඩිම මනාපලාභියා ලෙස විජිත හේරත් ඉතිහාසගත වෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ මහ මැතිවරණයක දී අපේක්ෂකයකු ලද වැඩිම මනාප ලාභියා වීමට ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂක අමාත්‍ය විජිත හේරත් අද(‍නොවැ 15) සමත් විය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 898,759ක් වන අතර, ඉන් විජිත හේරත් ලබා ගත් මනාප සංඛ්‍යාව 716,715කි.

ඔහු ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ද වන අතර, වත්මන් කැබිනට් අමාත්‍යවරයෙකි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉතිහාසයේ වැඩිම මනාප ලාභියා වූයේ හිටපු ජනාධිපතිවරයකු හා අගමැතිවරයකු වූ මහින්ද රාජපක්ෂ වන අතර, ඒ 2020 මහ මැතිවරණයේ දී කුරුණෑගල දිසිත්‍රික්කයෙන් ඔහුට හිමි වූ 527,364ක මනාප නිසා ය.

එහෙත් ඔහුගේ වාර්තාව අද අගමැති හරිනී අමරසූරිය විසින් අතික්‍රමණය කරන ලද අතර, ඇය කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉතිහාසයේ වැඩිම මනාපලාභියා වෙමින් මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තෙරී පත්විය. ඇය ලද මනාප ගණන 655,289කි.

එහෙත් අගමැතිවරිය එද තැබූ වාර්තාව අද ම බිඳ දමන්නට එම පක්ෂයේ ම ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර අපේක්ෂක විජිත හේරත් සමත්වීම විශේෂත්වයයි.

More news>>>

Latest Articles