සමස්ත ඡන්ද ප්‍රතිඵලය මත 10වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඡන්ද හැට අට ලක්ෂ හැට තුන් දහස් එකසිය අසූ හයක් (6,863,186) ලබා ගනිමින් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර ඇත.
ඒ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 61.56%ක ප්‍රතිශතයක් ලබා ගනිමිනි.
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු මන්ත්‍රීවරු 60කට පමණ සිය මන්ත්‍රී අසුන් අහිමි කරමින් ජාතික ජන බලවේගය මෙම ඓතිහාසික ජයග්‍රහණය ලබා තිබීම විශේෂත්වයකි.
එම පක්ෂයට ආසන මට්ටමින් තෝරා පත්වී ඇති මන්ත්‍රීවරුන් ගණන 141කි. ඊට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 29 අතුරින් ඔවුන් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය මත තවත් බහුතර මන්ත්‍රී ආසන ගණනක් ඔවුන්ට හිමි වීමට නියමිත ය.
සම්පූර්ණ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 225 අතුරින් තුනෙන් දෙකක් ලබා ගැනීමට අවශ්‍ය මන්ත්‍රී ආසන ගණන 150ක් වුවත්, දැනට ලැබී ඇති ප්‍රතිශතය මත එම සංඛ්‍යාවද පසුකර යෑමට ජාතික ජන බලවේගයට හැකිවනු ඇති බව පැවැසේ.
කෙසේ වෙතත් සමස්ත ප්‍රතිඵලයෙන් 17.66%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවැනියට මන්ත්‍රී ආසන හිමිකරගෙන ඇත්තේ සමගි ජන සන්ධානය වන අතර, ඔවුන් ලබා ඇති ආසන ගණන 35කි. ඒ ඡන්ද 1,968,716 ලබා ගනිමිනි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (සිලින්ඩරය) ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 500,835 වන අතර, එහි ප්‍රතිශතය 4.5%කි. ඔවුන් ලද මන්ත්‍රී ආසන ගණන 3කි.
මීර පෙර ආණ්ඩු බලය හෙබවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ලබාන ඇත්තේ ඡන්ද 350,429 කි. ඔවුන් 3.1%ක ප්‍රතිශතයක් ලැබී ඇති අතර, හිමිව ඇති ආසන ගණන 2කි.
(ජනක බලල්ල)