ශ්රී ලංකාවේ මෙතෙක් පැවැති හොඳම සාධාරණ හා නිදහස් මැතිවරණය අද(නොවැ.4) පැවැත්වුණු බව පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ ඉතිහාසයේ පැවැති මැතිවරණ අතර සාමකාමීම හා නිදහස්ම මැතිවරණය මෙය බවය. තවද, පවසන ඔහු පෙන්වා දෙන්නේ මෙය ශ්රී ලංකා මැතිවරණ ඉතිහාසයේ රාජ්ය බලය හා රාජ්ය දේපල අවභාවිතය පිළිබඳ සැලකීමේ දී ද අවම, එසේත් නැතිනම් නොසලකා හැරිය හැකි මට්ටමක පැවැති මැතිවරණය ද මෙය බව ය.
ශ්රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තු මැතිවරණය මෙය වන අතර, ඉතිහාසයේ මැතිවරණ නීති උල්ලගණයන් අවම මැතිවරණය මෙය බව රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.
ශ්රී ලංකාවේ මැතිවරණය සාධනීය තැනකට ගෙනයන්නට සමත් වෙලා තිබෙන බව පෙන්වා දෙන පැෆ්රල් සංවිධානය පෙන්වා දෙන්නේ දේශපාලන පක්ෂවලට නිදහසේ මැතිවරණ කටයුතු සිදුකරගැනීමටත්, ඡන්ද දායකයන්ටත් නිදහසේ ඡන්දය භාවිත කිරීමටත් ඉඩ ලැබුණු බව ය.
කෙසේ වෙතත් මෙම මැතිවරණයේ දී ඡන්දය භාවිත කිරීම 65%ක පමණ අගයක පහළ අගයක පැවැති බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
(ජනක බලල්ල)