23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

පිල්ලෙයාන් CIDයට කට්ටි පනී

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය 12 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණත් ඔහු එය මඟහැර ඇතැයි වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පිල්ලෙයාන් මෙලෙස කැඳවා ඇත.

මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව සමග පිල්ලෙයාන්ගේ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ අසාද් මවුලානා සිදුකර ඇති සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් බව ද බව වාර්තා වෙයි.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා විසින් අදාළ පැමිණිල්ල පැමිණිල්ල ගොනුකර තිබුණු අතර, ඊට අදාළව එම පියතුන්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කරන ඇත.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles