2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මැතිවරණ කොමිසම මගින් නිකුත් කර ඇත.
එම කොමිසට සඳහන් කරන්නේ මුළු දිවයිනේම ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 65%ක් පමණ අගයක පවතින බව ය.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ එය සියයට 79.46ක් වශයෙන් සටහන් විය.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම අද පෙරවරු 7ට ආරම්භ වී පස්වරු 4න් අවසන් වූ 10වැනි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව සිදු වූ අතර, මෙවර සුදුසුකම් ලැබු ඡන්දදායකයන් සංඛ්‍යාව 17,140,354කි. (එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පණස් හතරකි.)
ඒ අනුව අද දිනයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සමස්ථයක් ලෙස සාමකාමීව සිදුවු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.
ඡන්දය ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 80,000ක් පමණ වන බවත්, පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කෙරෙන අතර, පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇති බවත්, වාර්තා වෙයි.
ඒ ඒ දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහත පරිදි වේ.
කොළඹ – 65%
නුවරඑළිය – 68%
කුරුණෑගල – 64%
මඩකලපුව – 61%
මාතර – 64%
පුත්තලම – 56%
අනුරාධපුර – 65%
බදුල්ල – 66%
මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
මුලතිව් – 63%ක්
පොළොන්නරුව – 65%
රත්නපුර – 65%
ගාල්ල – 64%
යාපනය – 69%
හම්බන්තොට – 60%
මාතලේ – 67%
කෑගල්ල – 65%
මොනරාගල – 63%
වව්නියාව – 65%
කිලිනොච්චිය – 62%
මහනුවර – 62%
කළුතර – 64%
අම්පාර – 62%
ගම්පහ – 66%
(ජනක බලල්ල)