23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි

2024 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (14) සවස 4ට අවසන් විය.

මේ අතර තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්භ කර ඇති බව වාර්තා වන අතර මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ඡන්දය ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර ඇති බවයි.

මේ අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 80,000ක් පමණ වන අතර පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේය.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles