[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

මේ රට බේරාගත් වීරායා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න ලැබෙන අන්තිම අවස්ථාවයි – කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ

-

Spread the love

-ජනක බලල්ල-

තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරාගත් විරුවා වෙනුවෙන් යුතුකම් ඉටුකළ හැකි අවසන් අවස්ථාව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය බව කුරුණෑගල පුරපති තුෂාර සංජීව විතාරණ මහතා පවසයි.
මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නවකයන් ට අවස්ථාව දී දේශපාලනයෙන් සමුගන්නා බව සිහිපත් කළ තුෂාර සංජීව මහතා පෙන්වා දෙන්නේ තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරාගෙන සංවර්ධන කළ එතුමා වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට කුරුණෑගල ජනතාවට විශේෂ අවස්ථාවක් ලැබී ඇති බවයි.
රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය ද අතහැර මෙවරත් කුරුණෑගල දිස්ත්‍රික්කයම තම අවසන් මැතිවරණයට තෝරා ගත්තේ 2015 ලැබූ පරාජයෙන් පසු එතුමා තනි නොකර, මේ දක්වා ම ඉතා සමීපයෙන් සිටි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ කුරුණැගල ජනතාවට කෘත ගුණ සැලකීමට බවත්, එතුමා කුරුණෑගල ජනතාව කෙරෙහි තැබූ විශ්වාසය කුරුණෑගල ජනතාව දිවි හිමියෙන් රැකිය යුතු බවත් තුෂාර සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඒ මහතා මේ අදහස් පලකළේ නිදහස් කලා සංධානයේ කුරුණෑගල දිස්ත්‍රික් ශාඛාව සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගී වෙමිනි.
ජනතාව කෙරෙහි තැබූ විශ්වාසය කුරුණෑගල ජනතාව දිවි හිමියෙන් රැකිය යුතු බවත් තුෂාර සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ අදහස් පලකළේ නිදහස් කලා සංධානයේ කුරුණෑගල දිස්ත්‍රික් ශාඛාව සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගී වෙමිනි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...