[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

වෙසක් එකටත් ගෙදරම ඉන්න – මේ සති අන්තයේත් සංචරණ සීමා

-

Spread the love

-ජනක බලල්ල-

වෙසක් සැමරුම වෙනුවෙන් ජනතා ඒකරාශීවීම වැළැක්වීමේ පියවරක් ලෙස ලබන මේ සති අන්තයේත් සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව 21වැනිදා සිකුරාදා රාත්‍රී 11.00සිට 25 වැනිදා අඟහරුවාදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවෙන අතර, එදින දහවල් කාලයේ ඉවත්වන සංචරණ සීමා එදිනම (25දා) රාත්‍රී 11.00 යළි පනවා එය 28 වැනිදා සිකුරාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මක කිරීමට කොවිඩ්-19 පාලනය කිරිම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සංචරණ සීමා පැනවෙන කාලයේදී එම නීති කඩන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරින් විසි දහසක් පමණ රටපුරා සීරුවෙන් තබා ඇත.

පළාත් අතර දැනට පවතින සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන අතර, හැඳුනුම්පතේ අංක අනුව නිවෙස්වලින් බැහැර වීමේ ක්‍රමවේදයද ලබන 24 වැනිදා සිකුරාදා සිට ක්‍රියාත්මක නොවන බව ද පොලිසිය පවසයි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...