[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

වරාය නගරය ගැන දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ආණ්ඩුව කැළඹෙයි

-

Spread the love

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණය අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දී ඇත.

කොළඹ වරාය නගරය හා සම්බන්ධ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් වන තීන්දුව අද(18දා) කතානායකවරයාට දැනුම් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව පවසා ඇත.

මේ අතර අග්‍රාමාත්‍යවරයා ඊයේ(17දා) සවස ආණ්ඩුවත් සමග සිටින සියලු පක්ෂවල නායකයන් අරලියගහ මන්දිරයට කැඳවා විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර, එහිදී ඔවුන්ට දන්වා ඇත්තේ 19, 20 දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවයි. මෙහිදී මහාචාර්ය ජී එල් පීරිස් විසින් මෙම පනත් කෙටුම්පතේ නීතිමය තත්ත්වය පිළිබඳ පැහැදිළි කර දී ඇති  අතර, එහි ඇති ආර්ථිකමය ප්‍රතිලාභ පිළිබඳ හිටපු මහාබැංකු අධිපති, වත්මන් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පැහැදිලි කර දී තිබේ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...