[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

ගුවන් මගීන් ගසාකන්න එපා – PCR ප්‍රතිඵල පැය 3ක් තුළ දෙන්න පුළුවන්

-

Spread the love

”නිරෝධායන හෝටල්වලට යවන්නේ මුදල් ගසාකන්නයි”

”මේ ගසාකෑමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයි”

”පැය 3ක් තුළ PCR ප්‍රතිඵල දෙන්න පුළුවන්”

-රවී කුමුදේශ්-

(ජනක බලල්ල)

විදෙස් රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ දී සිදුකර පැය 3ක් තුළ ප්‍රතිඵල ලබාදිය හැකි බවත්, ඔවුන් අනවශ්‍ය ලෙස හෝටල් නිරෝධායනයට යොමුකර මුදල් ගසාකෑමට අවස්ථාව ලබා දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය බවත්, ශ්‍රී ලංකා රසායනාගාර වෘත්තීයවේදින්ගේ සංගමය චෝදනා කරයි.

තම නිලධාරීන්ට මෙම වගකීම භාර දෙන්නේනම් මෙරටට ඇතුළුවන ගුවන් මගියකුගේ PCR පරීක්ෂණ සිදුකර, ගුවන්තොටුපළින් පිටවීමට පෙර එහි ප්‍රතිඵලය පැය 3ක් තුළ ලබාදිය හැකි බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අවධාරණය කරයි.

අද (සැප්13) පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ කරුණු අනාවරණය කළේය.

එක්වර PCR පරීක්ෂණ වැඩිම ගණනක් සිදුකිරීමේ ධාරිතාව සහිත හොඳම රසායනාගාර පහසුකම් ඇත්තේ ද කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඇති රසායනාගාරය තුළ බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ සංචාරකයන්ගේ හෝ ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ සිදුකර දීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනතෙක් පියවර ගෙන නොමැති බවයි.

එසේම කෙටි කාලයක දී ප්‍රතිඵල ලබාදිය හැකි රැපීඩ් PCR යන්ත්‍ර 30ක් මිලට ගැනීමට අවශ්‍ය අනුමැතිය ජනාධිපතිවරයා ලබා දී තිබිය දී සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනතෙක් එම යන්ත්‍ර මිලට ගෙන නොමැති බව ද රවී කුමුදෙශ් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එම යන්ත්‍ර මිලට ගැනීම කඩිනමින් සිදු නොවීම හේතුවෙන් Drive Through ක්‍රමයට PCR පරීක්ෂණ සිදුකළ හැකි රසායනාගාරයක් සිවිල් ගුවන් සමාගම විසින් ගුවන්තොටුපළ තුළ ස්ථාපනය කරනු ලැබ ඇත.

රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ ප්‍රධාන රසායනාගාරය සහ Drive Through රසායනාගාරය යන ද්විත්වයම ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ පිහිටා තිබිය දී, අවශ්‍ය PCR පරීක්ෂණ සිදුකර ප්‍රතිඵල කඩිනමින් ලබාදීමට හැකියාව තිබිය දී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෝටල් නිරෝධායනයට යොමු කළ යුතු බවට ක්‍රමවේදයක් සකස් කර ඇත්තේ මෙරට පුරවැසියන් ගසාකෑමට ලක්කිරීමට බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම මාර්ගෝපදේශ සකසන පුද්ගලයන් මෙම ජාවාරමට සම්බන්ධ ඇතැම් පෞද්ගලික සමාගම්වල Privet Practice සිදුකරන බව ද රවී කුමුදේශ් මහතා අනාවරණය කළේය.

මෙලෙස PCR ප්‍රතිඵල ලැබෙන තෙක් නිරෝධායන හෝටලයක ලැගුම් ගන්නා එක් මගියකුට ඇ.ඩො. 250 පමණ මුදලක් වැය කිරීමට සිදුවන බව ද හෙතෙම පෙන්වා දුනි.

මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන් දෙදහසක් පමණ දෙනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට පැමිණෙන අතර, රජය විසින් ඔවුන් සියලු දෙනා එහිදී PCR පරීක්ෂණයකට යොමු කරනු ලබයි.

කෙසේ වෙතත් මෙම ගසාකෑමට ලක්වූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පෙන්වා දෙන්නේ PCR පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් නිරෝධායන හෝටලයකට යොමු කෙරෙන එක් මගියකු හට ඇමරිකානු ඩොලර් 250ක් පමණ වැය කිරීමට සිදුවුණත්, අදාළ හෝටල් කාමර නිසි පහසුකම්වලින් ද තොර ඒවා බවයි.

අසාධාරණ ලෙස අය කරන මෙම අධික මුදල ගෙවීමට නොහැකිව බොහෝ ශ්‍රී ලාංකිකයන් තම මව්බිමට පැමිණිම ප්‍රමාද කරමින් සිටින බව බව ‘විදෙස් බලය‘ සංවිධානය පෙන්වා දෙයි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...