[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා හදිසි නායයෑම් තත්ත්වයක් 

-

Spread the love

සුගන්ධ සම්පත්-ඉබ්බාගමුව

මේ දිනවල පවතින නිරිත දිග මෝසම් වර්ෂාවත් සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා නාය යෑම් හා හදිසි ආපදා තත්ත්වයක් උද්ගතව ඇත්තේ කාලයක් තිස්සේ නිසි මඟපෙන්වීමකින් තොරව අනවබෝධයෙන් සිදුකළ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරී කැලු‍ම් රංගන සෙනවිරත්න මහතා පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක පසුගිය දින කිහිපයේ සිදු වූ පස් කඳු කඩාවැටීම්, ගල් පෙරලීම් ඇතුළු ස්වාභාවික ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ‘ජනබලය’ කළ විමසීමක දී හෙතෙම මෙම අදහස් පළ කළේය.
එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද සඳහන් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කය කියන්නේ ස්වාභාවික ක්‍රියාකාරකම් හේතුවෙන් නාය යෑම් හා හදිසි ආපදා ඇතිවීමේ හැකියාව අවම ප්‍රදේශයක්. වර්ෂාවත් සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා සිදුවන හදිසි තත්ත්වයන් සියල්ලටම ආසන්නතම හේතුව වී ඇත්තේ කාලයක්  තිස්සේ අනවබෝධයෙන් සිදුකළ මානව ක්‍රියාකාරකම්.
උදාහරණයක් ගත්තොත් පසුගිය 16 වන දා පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඈපාකන්ද ඊරියමඩවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබුණු ගලක් එම නිවසට කඩා වැටී තිබුණා. වාසනාවකට එයින් ජීවිත හානි සිදු නොවුණත් එම නිවසේ පිටුපස බිත්තිය පුපුරා ගියා.
ඒ වගේම පොල්ගහවෙල  රඹුක්කන  මාර්ගයට පස් කන්දක් කඩා වැටුණා. එයිනුත් ජීවිත හානියක් නැති උනත් මාර්ගය සම්පූර්ණයෙන්ම මාර්ගය අවහිර උනා. මාර්ගය පහළ බෑවුමේ නිවාස විසි පහක් පමණ තිබෙනවා. එම නිසා එහි ඉදිරි අවධානමක් පවතිනවා.
මෙවැනි සිද්ධි ගණනාවක් පසුගිය දින කිහිපය පුරා අපට වාර්තා වුණා. විශේෂයෙන්ම මෙම පස් කණ්ඩි කඩා වැටීම් හා ගල් පෙරළිම් වැනි ආපදාවලට හේතුව වන්නේ ස්වාභාවික ක්‍රියාවන් නොවෙයි. වැරදි මානව ක්‍රියාකාර්කම්. වඩාත් සරලව කීවොත් අදාළ භූමියට ගැලපෙන පරිදි ඉදිකිරීම් නොකිරීමයි.
මෙම තත්ත්වයට ඉදිරි විසඳුමක් ලෙස රජය විසින් මේ වනවිට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම කුරුණෑගල මහ නඟර සභා බල ප්‍රදේශය ඇතුළුව මාවතගම, පොල්ගහවෙල, ඉබ්බාගමුව, අලව්ව, නාරම්මල හා රිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිකිරීම් සිදු කරද්දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හරහා නාය යෑම් වාර්තාවක් ලබා ගතයුතු බව එහි සඳහන්ව තිබෙනවා. එය නීතියක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ වගේම මාර්ග සංවර්ධන කිරීමේ දී නිවැරදි කානු පද්ධතියක් අත්‍යාවශ්‍යයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ මාර්ග ඉදිකර ඇත්තේ කානු පද්ධතියක් නොමැතිවයි. කලින් මාර්ගයේ තිබුණු කානු මාර්ගය විශාල කරද්දී වැසී ගිහින්. අලු‍ත් කානු යොදා නැහැ. මෙම තත්ත්වයත් කාලයක් යනකොට හදිසි ආපදා තත්ත්වයක් දක්වා වර්ධනය වෙනවා.
එම නිසා කුරුණෑගල ජනතාව මීට වඩා සැලකිලිමත් විය යුතුයි. නව ඉදිකිරීම් නිසි මඟපෙන්වීමක් යටතේ නිවැරදිව සිදුකළ යුතුයි. එහෙම කලොත් කුරුණෑගල දිස්ත්‍රික්කය නාය යෑම් හා හදිසි ආපදා වලින් තොර දිස්ත්‍රික්කයක් බවට පත්කළ හැකියි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...