[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

පොහොට්ටුව කුරුණෑගලින් සුළු ජාතීන් කපා හැරලා

-

Spread the love

-ජනූර් කිචිලාන්-
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සුළු ජාතීන් කපා හරිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවට කිසිදු මුස්ලිම්, දෙමළ අපේක්ෂකයකු ඇතුළත් නොවූවත්, දිස්ත්‍රික්කය තුළ මුස්ලිම් දෙමළ ඡන්ද ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ඇති බව අනාවරණය වේ.
පොහොට්ටු ලැයිස්තුවෙන් මෙවර මහ මැතිවරණයට වත්මන් ආණ්ඩුකාර මොහොමඞ් මුසාමිල් මහතා ඉදිරිපත් කරන බව මින් පෙර පවසා තිබුණු බැවින් ඒ මහතා දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව ඒකරාශි කරගනිමින් රැස්වීම් ආදිය පවත්වමින් මැතිවරණයට සූදානම් වූවත්, අවසානයේ දී ඔහු ද එයින් ඉවත් කෙරිණි.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වදින අනෙකුත් ප්‍රධාන පක්ෂවලින් සුළු පක්ෂවලට යම් නියෝජනයක් ලබා දී තිබුණත්, පොහොට්ටුවෙන් සුළු ජාතීන් කපා හැර ඇති බවට කුරුණෑල දිස්ත්‍රික් මුස්ලිම් ජනතාව චෝදනා කරයි.
පාර්ලිමේන්තුවේ ආසන 15ක් කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමිවන අතර, ඒ සඳහා තරග වැදීමට එක් පක්ෂයකින් අපේක්ෂකයන් 18 දෙනෙකු හට අවස්ථාව හිමි වේ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...