[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

කාන්තාවන්ට ෆෑඩ් පැකට් දුන් නායකයොත් කුරුණෑගල ලිස්ට් එකෙන් කාන්තාවෝ හලලා  – ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂිකා වෛද්‍ය චාන්දනී කරුණාතිලක

-

Spread the love

-ජනක බලල්ල-

කාන්තා අයිතීන් ගැන කිඹුල් කඳුළු හැලූ සියලු‍ නායකයන් මෙවර මහා මැතිවරණයේ දී තම අපේක්ෂක ලැයිස්තුවෙන් කාන්තාව නෙරපා ඇති ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂිකා වෛද්‍ය චාන්දනී කරුණාතිලක මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ ඇතැම් නායකයන් පසුගිය ජනාධිපතිවරණයේ දී කාන්තාවගේ සනීපාරක්ෂාව ගැන පවා වද වී පෑඞ් පැකට් දෙන්නට ද සැරසුණු බවයි.
රටේ සමස්ත ජනගහනයෙන් 52% කටත් වඩා ප්‍රතිශතයක් සිටින්නේ කාන්තාවන් වන බැවින් ඔවුන්ගේ ඡන්දය නොමැතිව බලය ගැනීමට නොහැකි බව හොඳින් දන්නා මෙවැනි නායකයන් හැමවිටම සිදුකරන්නේ තම බලය වෙනුවෙන් ඡන්දය ලබාගැනීමට පමණක් කාන්තාව අන්දන බව වෛද්‍යවරිය පවසයි.
පළාත් පාලන මැතිරණයේ දී 25%ක කාන්තා නියෝජනයක් අනිවාර්ය කිරීමට නීති සම්පාදනය කළ ඇතැම් නායකයෝ පළාත් සභා සහ පාර්ලිමේන්තුව නියෝජනයට 50% අවස්ථාවක් කාන්තාවට ලබා දියයුතු බවට පවසා සිටියත්, ඔවුන් ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමට අපොහොසත් ව ඇති බව ද ඇය සඳහන් කරයි.
රටේ බොහෝ දිස්ත්‍රික්කවල ප්‍රධාන පක්ෂ සියල්ලම තම ලැයිස්තුවට කිසිදු කාන්තා නියෝජනයක් ලබා දී නොමැති බව පෙන්වා දෙන වෛද්‍යවරිය පවසන්නේ ඉන් කුරුණෑගල කුරුණෑගල දිස්ත්‍රික්කය විශේෂ තැනක් ගන්නා බවයි. එක්සත් ජාතික පක්ෂ මහා ලේකම්වරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහාලේකම්වරයා මෙන් ම රටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මෙම දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව ඇතත් ඔවුන්ගේ කණ්ඩායම්වල ද කිසිදු කාන්තාවක් නොසිටීම එහි ඇති විශේෂත්වය බව ඇය පවසයි.
එම නිසා මෙවර මැතිවරණයේ දී කාන්තාව තම වටිනා ඡන්දය ලබාදීමේ දී මේ පිළිබඳ විශේෂයෙන් සැලකිය යුතු බවත්, කාන්තාවට නිසි තැන ලබා දෙන්නේ හැමවිටම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පමණක් බවත් වෛද්‍ය චාන්දනී කරුණාතිලක මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...