[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

”මාසයටම මාස්ක් 5යි” ආයුර්වේදයත් ‌වීථි බසී

-

Spread the love

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආයුර්වේද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු මුල්කර ගනිමින් ආයුර්වේද සෞඛ්‍ය සේවකයෝ කුරුණෑගල වෙලගෙදර ආයුර්වේද රෝහල ඉදිරිපිට දී අද(02) විරෝධතාවක නිරත වූහ.

සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය සංවිධානය කර තිබූ මෙම විරෝධතාව සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට ලබා දෙන විශේෂ මාසික දීමනාව වන රුපියල් හත්දාස් 7500 දීමනාව, කෝවිඩ්-19 ආරක්ෂිත උපකරණ විධිමත්ව ලබා නොදීම, අතිකාල කප්පාදුව, අනීතිකව කාර්ය මණ්ඩල සඳහා බහු කාය සංවර්ධන බලකා සාමාජිකයන් බඳවා ගැනීම, උසස්වීම් ලබා නොදීම,  පුරප්පාඩු නොපිරවීම, ඖෂධ සංයෝජක දීමනාව ලබා නොදීම, නිල ඇඳුම් දීමනාව ලබා නොදීම, ස්ථාන මාරු ක්‍රියාවලිය නිවැරදි කරගැනීම ආදී ගැටලු මුල්කර ගනිමින් පැවැත්විණි.
.
සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමයේ වයඹ පළාත් සංවිධායක වෛද්‍ය කේ.පී.ආර්.එස්. ගුණරත්න මහතා කියා සිටියේ, අද පෙරවරු 8 සිට දහවල් 12 කාලය දක්වා සේවයෙන් බැහැර වී මෙම විරෝධතා ව්‍යාපාරය දියත් කෙරෙන බවයි.

මේ වන විට රට තුළ මතුව ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අකමැත්තෙන් වුවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූයේ, එක් අයකුට මසකට මුඛ ආවරණ 5ක් පමණක් ලබා දෙන පසුබිමක, තම ‌සාමාජිකයන්ට ලැබිය යුතු අවම සහ අත්‍යවශ්‍යම පහසුකම් හෝ නිසියාකාරව නොලැබීම නිසා බවද උද්ඝෝෂකයෝ වැඩිදුරටත් පැවසූහ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...