හිරු චමුදිතගේ නිවසට මැර ප්‍රහාරයක්

Spread the love

(ජනක බලල්ල)

හිරු ටීවී ආයතනයේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.

අද(14) අළුයම 2ට පමණ මෙම මැර ප්‍රහාරය එල්ල වී ඇති බව පැවසෙන අතර, ගල්වලින් සහ අසූචි මුට්ටිවලින් හා ගල්වලින් සිදුකර ඇති මෙම ප්‍රහාරයෙන් පිලියන්දල නිවාස සංකීර්ණයක පිහිටි ඒ මහතාගේ නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බව ද පැවසේ.

 පහරදීමට පැමිණි පුද්ගලයන් විසින් නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීයා ගිනිඅවියක් පෙන්වා බිය ගන්වනු ලැබ ඇති අතර, හෙල්මට් පැළඳ තිදෙනෙක් සමරවික්‍රම මහතාගේ නිවස අසලට පැමිණෙන අයුරු CCTV කැමරාවල පටිගත වී ඇත.

සමරවික්‍රම මහතා පවසන්නේ තමා සිදුකරමින් සිටින මාධ්‍ය මෙහෙවර නැවැත්වීමට මෙවැනි ප්‍රහාරවලින් කිසිවිටෙකත් නොහැකි බවයි.

කෙසේ වෙතත් මෙය චමුදිත සමරවික්‍රම මහතාට එල්ල කළ මැර ප්‍රහාරයක් පමණක් නොව, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් කැප වී කටයුතු කරන සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ම එල්ල කළ ප්‍රහාරයක් සේ සැලකිය යුතු බව මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට මේ වනවිට පොලිසිය විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.