[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

රාජසභා මණ්ඩපය ඉබේම ඩෝසර් වුණා කියන්න ආණ්ඩුව නව තිර පිටපතක් ලියලා – සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු අමාත්‍ය ජේ.සී. අලවතුවල

-

Spread the love

දෙවන බුවනෙකබාහු රජතුමාගේ රාජ සභා මණ්ඩපය බව කියන ස්ථානය ඩෝසර් කළ කුරුණෑගල නගරාධිපති බේරාගැනීම වෙනුවෙන් මේ වනවිට ආණ්ඩුව නව තිර පිටපතක් සකස් කර තිබෙන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා පවසයි.
පසුගිය දා කුරුණෑගල දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ අදහස් පලකළේය.
එහිදී ජේ.සී.අලවතුවල මහතා පෙන්වා දුන්නේ මේ වනවිට මෙම බුවනෙක රාජසභාව ඩෝසර් කිරීමේ සිද්ධිය ඉබේ සිදුවූවක් බවට ඒත්තු ගන්වන්නට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඉදිරිපත් වී ඇති බවයි. ඉකුත් දිනවල ජොන්ස්ටන් අමාත්‍යවරයා සහභාගී වූ රූපවාහිනී වැඩසටහන් දෙකකින් එය වඩාත් පැහැදිළි වූ බව ඒ මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැකුවූ අලවතුවල මහතා….

මෙම ගොඩනැගිල්ලේ කොටසක් රෑ කඩා වැටී ඇති බව සහ එය නගරාධිපතිවරයා එය දැනගෙන ඇත්තේ පසුදා බව ඒත්තු ගැනීවීමට ජොන්ස්ටන් ඇමැතිවරයා උත්සාහ ගත් හැටි අපි දැක්කා. අපට මතකයි 2015 ට පෙර රාජ්‍ය නිලධාරීන් ගස් බැඳපු අවස්ථා තිබුණා. රටම ඒක දැක්කා. හැබැයි ඊට පස්සේ ගහේ බැඳමු අයම ඇවිත් ‘මමමයි බැඳගත්තේ’ කිව්වා. දැන් ඒ වගේ කතාවක්නේ මේ ජොන්ස්ටන් මහත්තයා කියන්නේ.
තමන්ගෙ නගරාධිපතිවරයා ඩෝසර් කරලා මේ පුරාවස්තුව, අද කියනවා නගරාධිපතිව දන්නෙත් උදේ කියලා. මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කරන්න වෙනවා. මේක තමයි මුල ඉඳලම මෙයාලා කළේ. මොකක් හරි සිද්ධියක් වුණාම ඒකෙ වගකීම නොගෙන පැනලා යනවා.
මේක සංරක්ෂණය කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා කියලා අපි දැක්කා මාධ්‍ය තුළින්. අපි අහනවා කාගේ මුදල් ද මේ වෙන් කරලා තියෙන්නේ. නගරසභාවේ මුදල්, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මුදල් කියන්නේ රජයේ මුදල්. මේ අට පාස් නැති මනුස්සයෙක් කරපු ගොං වැඩකට මුළු රටේම ජනතාව දැන් වන්දි ගෙවන්න වෙලා. අපේ බදු මුදල්. ඒ නිසා අපි කියනවා මේකේ වගකීම භාර ගන්න ඕනෑ නගරාධිපති. ඒ ගැන කතා කරන තව ඇමැතිවරු ඉන්නවනම් ඒ අයත් භාරගන්න ඕනෑ. තමන්ගෙ මුදල්වලින් මේක හදන්න. ගොං පාට් එකක් දැම්මා කියලා නගරසභාවේ නගරාධිපති ඇතුළු කණ්ඩායම, ඒක ප්‍රතිසංස්කරණය කරන්න ජනතා මුදල් යෙදවීම සාධාරණද කියලා අපි අහනවා.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...