[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

”රටේ අක්මුල් නැති නායකයෝ වුණාම සිදුවන දේ පහුගිය දිනවල අපි දැක්කා” – ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ දයාසිරි ජයසේකර

-

Spread the love

-ජනක බලල්ල-

ටේ අක්මුල් නැති අය නායකයන් වීමෙන් රටට සිදුවන හානිය පසුගිය දිනවල දුටු බවත්, රටේ පිළිගත් නායක හිමිවරුන් පවා පුරාවිද්‍යත්මක උරුමයන් විනාශ කරනවිට බලා හිඳිනවානම්, ඒවාට උල්පන්දම් දෙනවානම්, මුදල් කුට්ටිවලට යට වී මෙවැනි දේ සිදුකරන්නේ ද යන්න පිළිබඳ යම් සැකයක් ඇතිවන බවත්, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ ඉදිරි මැතිවරණයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන පාර්ලිමේන්තුව ඇතිකිරීමට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කුමණ ආකාරයේ මැදිහත්වීමක් සිදුකරන්නේ ද යන්න පිළිබඳ ජනබලය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
එහි දී ඒ මහතා පවසා සිටියේ තමා සිංහල බෞද්ධයකු වශයෙන් මේ දිනවල සිදුවන ඇතැම් දිසුවීම් පිළිබඳ ඉතා කණගාටුවෙන් සිටින බවයි.
එහි දී දයාසිරි ජයසේකර මහතා මේ අදහස් පලකළේය.

මේ රටේ අක්මුල් නැති මිනිස්සු නායකයන් වුණාම සිද්ධ වෙන දේ අපි දැක්කා පහුගිය දවස්වල. එපමණක් නොවෙයි ජනාධිපතිතුමත් රවට්ටලා තියෙන්නේ දැන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නයත් ඔවුන්ගේ ග්‍රහණයට හසුවෙලා තියෙනවා දැන් ඔවුන්ට වුවමනා ප්‍රකාශ කරවාගන්න තරම්.
යාපහුව, දඹදෙණිය, පඬුවස්නුවර, කුරුණෑගල රාජධානිත් එක්ක සංචාරක ව්‍යාපාරය පටන් ගන්නවා කියලා අගමැතිතුමා පහුගිය දවස්වල කිව්වා. ඒ අගමැතිතුමාගේ උතුම් අදහස පාවිච්චි කරමින් ඉතුරු නටඹුන් ටිකත් ගලවලා දැම්මොත් මම පුදුම වෙන්නේ නෑ ඒ ගැන.
මේ ලැයිස්තුවේ ගෝඨාභය ජනාධිපතිතුමාට ගැලපෙන අය ඉන්නේ බොහොම ටික දෙනයි. අනෙකුත් සියලු‍ දෙනා නව දේශපාලන ධාරාවත් සමග යාවත්කාලීන නොවුණු අයයි. මේ ලිස්ට් එකෙන් ගෝඨාභය ජනාධිපතිතුමාට අවශ්‍ය පිරිස හොයන එක කළු නික හොයනවා වාගේ වැඩක්.
ඒ නිසා ජනතාව මෙම මැතිවරණයේ දී හොර මැරකම් නැති, වැරැදි ව්‍යාපාර නැති, උගත්කම බුද්ධිමත්කම වාගේම, දේශපාලන දැනුමක් ඇති, ඉතිහාසය කියවපු, අපේ අතීත උරුමයන්ට, සංස්කෘතිකයට ආදරය කරන පිරිසක් තෝරා යැවිය යුතුයි පාර්ලිමේන්තුවට.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...