[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

ගමේ මන්ත්‍රීවරියට ඩිජිටල් සාක්ෂරතාව දෙන්න CaFFE මුල් වෙයි

-

Spread the love

(කුමාරි රත්නායක)

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම සඳහා කැෆේ සංවිධානය විසින් ”ජනනි” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව එහි විධායක අධ්‍යක්ෂ  මනාස් මකීන් මහතා පවසයි.

ඌව, දකුණු, සබරගමුව, උතුරු සහ නැගෙනහිර යන පළාත් 05 කේන්ද්‍ර කරගනිමින් පෙබරවාරි 09 වැනි දා ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියට බිම් මට්ටමේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත කාන්තාවන් හට සම්බන්ධ වීමට අවස්ථාව හිමිවන බව ඒ මහතා පෙන්වා දෙයි.

කැෆේ සංවිධානය දැනුම් දෙන්නේ 0776539793 දුරකථන අංකය මගින් ඒ සඳහා උනන්දුවක් දක්වන්නන් හට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවයි.

අදියර 3ක් යටතේ දිස්ත්‍රික් මට්ටමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙහි පළමු අදියරේදී ව්‍යෘපෘතිය හඳුන්වා දීම සහ සමාජ මාධ්‍යවල වගකීම සහ කාර්යභාරය පිළිබඳ මෙන්ම මාධ්‍ය සාකච්ඡා සඳහා පෙනීසිටීම සම්බන්දයෙන් බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන් දැනුවත් කිරීමට අපේක්ෂීත ය.  

එහි දෙවන අදියරේ දී අන්තර්ජාල හිංසනය සහ ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම මෙම කාන්තාවන් වෙත ලබාදීමට නියමිතය. අවසන් අදියරේ දී සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල හිංසනයට අදාළ නිතිය පිළිබඳ දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව මෙම මීට සමගාමීව බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ට ජාතික මට්ටමේ සහ පළාත් මට්ටමේ දේශපාලන නායකයන් හා සෘජුව සම්බන්ධ වී ඔවුන්ගේ ගැටළු විසඳා ගැනීමට ද මෙමගින් අවස්ථාව හිමිකර දීමට කැෆේ සංවිධානය කටයුතු කරන බව එහි විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, හිටපු ඇමතිනි ෆේරියල් අෂ්රෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රීණියන් වන තලතා අතුකෝරල, රෝහිනී කවිරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ නාගරික මන්ත්‍රිණි සමන්මලී ගුණසිංහ යන දේශපාලනයේ නිරත මහත්මීන් සහ කැෆේ සංවිධානයේ පරිපාලන අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය මෙම වැඩසටහනේ උපදේශක මණ්ඩලය ලෙස කටයුතු කරති.

මීට අදාළ මූලික වටයේ සාකච්ඡා අදාළ පළාත්වල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ පළාත් පාලන කොමසාරිස්වරුන් සමඟ මේ වනවිටත් පවත්වා අවසන් බව ද ‘කැෆේ‘ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...