[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

”එජාප ඡන්දවලට කොම්පියුටර් ජිල්මාට් දාන්න සමගි ජන බලවේගය කුමන්ත්‍රණය කරනවා” – කුරුණෑගල පොදුජන පෙරමුණ අපේක්ෂක ජයරත්න හේරත්

-

Spread the love

-චරක වික්‍රමසිංහ-

සමගි ජන බලවේගය කියා ටෙලිපොනයක් කනේ ගහගෙන ඉබාගාතේ යන කණ්ඩායමක් අද, ඡන්ද ගණන් කිරීමේ අවසානයේ දී කොම්පියුටර් ජිල්මාට් දාලා පාරම්පරික එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද මංකොල්ලා කෑමට කුමන්ත්‍රණයක් සිදුකිරීමට සැරසෙන බවට අභ්‍යන්තර ආරංචි මාර්ග ලැබිලා තිබෙනවා යැයි හිටපු අමාත්‍ය කුරුණෑගල පොදුජන පෙරමුණ අපේක්ෂක ජයරත්න හේරත් මහතා පැවසීය.
හිටපු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ 29 වෙනිදා කුරුණෑගල පිල්ලවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයරත්න හේරත් මහතා.

අද සමගි ජනබලවේගය විවිධ ප්‍රචාර පතුරුවනවා. ඒ අයට ඔවුන්ගේ පරාජය දරාගන්න බැරුව වියරු වැටිලා ඉන්නේ. මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි ඒ කිසිදු ප්‍රචාරයකට රැවටෙන්න එපා. ඔබ එදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන විශ්වාසය තිබ්බා වගේම මෙවර මහා මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන විශ්වාසය තබාගන්න. අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයට නායකත්වය දෙන්නේ මහින්ද මහත්තයා. කුරුණෑගලට විශාල ශක්තියක් වගේම යෝධ සංවර්ධනයක් එතුමා නිසා ලැබෙනවා. ඒ ශක්තිය රැකගැනීම අපේ වගකීමක්.
මෙවර මැතිවරණය ජයග්‍රහණයෙන් පස්සේ කුරුණෑගල ආසනයට වැඩ කරන්න සංවර්ධන ක්‍රියාවලියන් ක්‍රියාත්මක කරන්න ශක්තිය ලැබෙන්නේ මට. ඒ වෙනුවෙන් තමුන්නාන්සේලා මට ලබා දෙන සහයෝගයට මම ස්තුතිවන්ත වෙනවා.
අපේ ජයග්‍රහණයෙන් පසුව කුරුණෑගල ආසනයට පමණක් නෙමෙයි මුළු මහත් දිස්ත්‍රික්කයේම වැඩකරන ජනතාවක් බිහිකිරීමේ කාර්යයට අපි ඇප කැපවෙලා කටයුතු කරනවා. කුරුණෑගල බුද්ධිමත් ජනතාව මේ වනවිටත් ‘තමන්ගේ මනාපය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙනුත් අපි වෙනුවෙනුත් ලබාදීලා අනාගත පරපුරට රටක් ඉතිරි කිරීමේ වැඩපිළිවෙලට සහයෝගය දෙන්න තීරණය කරලා ඉවරයි කියලා අපි දන්නවා. කුරුණෑගල උරුමක්කාරයෝ විදියට අපි ඒ ගැන ආඩම්බර වෙනවා. 2015 දී යහපාලන ආණ්ඩුව මංකොල්ලා කාපු අපේ ජනතාව අද පොදුජන පෙරමුණේ ජයග්‍රහණයත් සමග එකතුවෙලා ඉන්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හේරත් මහතා මෙසේද පැවසීය.
ඒ වගේම තමයි තමුන්නාන්සේලා දන්නවා එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ ප්‍රබල පක්ෂයක්. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන් බිහිකරපු දැවැන්ත පක්ෂයක්. බිම් මට්ටමේ තිබෙන අලියා ලකුණ මතකයේ රැඳුණු දේශපාලන පතාක යෝධයෝ බිහිකරපු පක්ෂයක්. නමුත් අද සමගි ජන බලවේගය කියලා ටෙලිපොන් එකක් කනේ ගහගෙන ඉබාගාතේ යන කණ්ඩායමක් ඡන්ද ගණන් කිරීමේ අවසානයේදී කොම්පියුටර් ජිල්මාට් දාලා ‘එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද මංකොල්ලා කෑමට කුමන්ත්‍රණයක් කිරීමට සැරසෙන බවට අද අභ්‍යන්තර ආරංචි මාර්ග ලැබිලා තිබෙනවා.
මේක තමයි මිත්‍රවරුනි එක්සත් ජාතික පක්ෂයේත් සමගි ජන බල වේගයේ ස්වභාවය. ඒ නිසා ඒ අයගේ ඇණකොටාගැනීමක් පමණයි අපිට අද ඔවුන්ගේ කඳවුරුවල දකින්නට තියෙන්නේ. නැවත එක්සත් ජාතික පක්ෂයටවත් සමගි ජන බලවේගේ කුමන්ත්‍රණ කරුවන්ටවත් මේ රටේ බලයක් ලබාගන්න හැකිවෙන්නේ නෑ. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයටත් එහි නායකයන්ටත් කියන්න කැමතියි ඡන්ද ගණන් කරන දවසේ අවදියෙන් ඉන්න කියලා.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී අශෝක ප්‍රේමදාස, කුරුණෑගල හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණගේ, දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...